Home Entertainment කිසිඳු තැනක් බද්ධ නොකර ලී දම්වැලක් සෑදූ 79 හැවැරිදි වඩු මහතා

කිසිඳු තැනක් බද්ධ නොකර ලී දම්වැලක් සෑදූ 79 හැවැරිදි වඩු මහතා

145
0

හල්මිල්ල දැවයෙන් කිසිඳු ස්ථානයක බද්ධ කිරීමක් සිදු නොකර ලී දම්වැලක් නිර්මාණය කිරීමට රඹුක්කන පරපේහි පදිංචිව සිටින ඩබ්ලිව්.ඩී. සෝමපාල මහතා සමත්ව තිබෙනවා.

ඒ මහතා පවසන ආකාරයට ඔහු දඹදිව වන්දනාවක ගොස් සිටින අතර තුර මෙවැනි නිර්මාණයක් පන්සලක දැක ඇත. නැවත පැමිණි පසු ඔහු එම නිර්මාණය කිරීමට උත්සහ කළත් එය එතරම් සාර්ථක වී නොමැත.

නමුත් දැඩි උත්සහයෙන් නැවත උත්සාහ කළ ඔහු පැය 13ක කාලයක් තුලදී මෙම නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා. මෙහිදී තමන් මෙම කාර්‍යයට වෙන් කල සියළුම කාල වේලාවන් පිළිබඳව නිවැරදිව සටහන් තබා ගත් බවත් සෝමපාල මහතා පවසනවා.

19 හැවරිදි තරුණයෙකු ලෙස වඩු කාර්මික ක්ෂේත්‍රයට පිවිසුණු ඔහු පසුගිය වසර 60 තුලම වඩු කර්මාන්තයේ නිරත වෙමින් එහි නිපුණයෙකු බවට පත්ව තිබෙනවා. ඔහුගේ මෙම කතා පුවත හරහා අප්‍රතිහත ධෛර්‍යය, ක්ෂේත්‍රයක නිපුණයෙක් වීමේ වැදගත්කම ආදී වැඩගත් පණිවිඩ රාශියක් පැව්වසෙනවා

හල්මිල්ල දැවයෙන් කිසිදු තැනක් බද්ද නොකර ලී දම්වැලක් නිර්මාණය කරපු පරපේ රඹුක්කන සෝමපාල මහතා. 🇱🇰#MadeinSriLanka

Posted by Made in Sri Lanka on Tuesday, May 12, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here