Home Cricket මාලිංග IPL ඉතිහාසයේ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස නම් වෙයි

මාලිංග IPL ඉතිහාසයේ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස නම් වෙයි

703
0

ලසිත් මාලිංග IPL ඉතිහාසයේ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස නම් කර ඇත.
ඒ VIVO IPL හි 13 වන සංවත්සරයට සමගාමීවයි.

චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි සහ මුම්බායි ඉන්දියන්ස් හි රෝහිත් ෂර්මා IPL ඉතිහාසයේ විශිෂ්ටතම නායකයින් ලෙස ප්‍රකාශයට පත් වන ලදි.

AB ඩිවිලියර්ස් විශිෂ්ටතම පිතිකරුවා ලෙස නම් කර ඇති අතර චෙන්නායි සුපර් කිංග්ස්හි ෂේන් වොට්සන් IPL ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස නම් කර ඇත. තරඟ 177 කදී ලකුණු 5412 ක් සමඟ 37.84 ක සාමන්‍යයක් පවත්වා ගනිමින් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාත් කෝලි IPL ඉතිහාසයේ විශිෂ්ටතම ඉන්දියානු පිතිකරු ලෙස නම් කෙරිණි.

මෙම ලැයිස්තුව තෝරාගනු ලැබුවේ ස්ටාර් ස්පෝර්ට්ස් හි ක්‍රිකට් පිළිබඳ විශේෂඥයින් 50 දෙනෙකුගෙන් සැදුම් ලත් ජූරි සභාවක් විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here