Home Coronavirus 2020 සියලුම පාසල් අධ්‍යාපන චාරිකා වහාම අත්හිටුවයි

සියලුම පාසල් අධ්‍යාපන චාරිකා වහාම අත්හිටුවයි

368

සියලු පාසල් අධ්‍යාපන චාරිකා යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කොරෝනා වෛරසය (කොවිඩ්-19) ආසාදිතයෙකු වූ රෝගියෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ ඉදිරියේ දී ඇතිවිය හැකි කවර හෝ අවදානමෙන් ශ්‍රී ලාංකීය දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.

මෙම වෛරසය ආසාදිතව ඇති පුද්ගලයා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති බව වාර්තා වී ඇති බැවින් ඉදිරියේ දී යොදා තිබෙන ඇති සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා නතර කරන ලෙස ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දෙනු ලැබේ.

සියලු දෙනාගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් නිසියාකාරව පිළිපදින ලෙසද  අවධාරණය කරන අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව  අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා බව ද වැඩිදුරටත් දන්වා සිටියි. 

එසේම පැතිර යන විවිධ කටකතා සහ සාවද්‍ය තොරතුරු පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත්, සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ ව වඩාත් විමසිලිමත් ව හා  සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රජාව වෙත දන්වා සිටියි.

මේ අතර මෙරට කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගියාගේ පුත්‍රයාට ද එම රෝගය වැළඳී ඇතැයි පැතිර යන කට කතා මුලුමණින්ම අසත්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

වෛරසය ආසාධනය වූ ශ්‍රී ලාංකිකයා දැනට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට ලක්කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔහුගේ පවුලේ සාමාජිකයන් ද නිරෝධායනයට ලක්කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස පැතිරීම වැළැක්වීමට මේවන විට රජය සියලු පියවර ගෙන ඇතැයි ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here