Home Hit මිග් හොරකමේ උදයංග, මහින්දගෙ පුංචි අම්මගේ පුතා ! – අනුර

මිග් හොරකමේ උදයංග, මහින්දගෙ පුංචි අම්මගේ පුතා ! – අනුර

327
0

මිග් වංචාව ගැන පසුගියදා රැස්වීමක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අදහස් දැක්වීය.

“ගෝඨාභය දෙපාරක්ම කිව්වා අධිකරණයට තමන්ගේ වැඩ වලට අත දාන්න එපා කියලා. මොනවද එයාගේ වැඩ? එයා හදලා තියෙනවා අලුත් මැෂින් එකක්. ඒක හොරු පිරිසුඳු කරන මැෂින් එකක්. ඒකට හොරෙක් දැම්මම එනවා ක්ලීන් වෙලා. ඒ මැෂින් එකට මුලින්ම දැම්මේ එයාගේ ඇවන්ට්ගාඩ් යාලුවා දැම්මා ඇතුලට වට දෙකතුනක් කැරකිලා රිමාන්ඩ් එකේ සතියක් දෙකක් තියලා එලියට එනවා ක්ලීන් මෑන්. දැන් එයා ගිහිල්ලා රාජ්‍ය උත්සව ආමන්ත්‍රණය කරනවා මම දැක්කා ඇමති වරුත් අහන් ඉන්නවා. ඒ මැෂින් එකට තමයි ගෙනාවේ උදයංග වීරතුංග. රුසියාවේ වසර 6ක් තානාපති. සාමන්‍යයෙන් ඕනම තානාපති කෙනෙක් තියන්නේ වසර 3යි. උදයංග මහින්දගේ පුංචි අම්මගේ පුතා.

මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී ගිවිසුම අග්ත්සන් කළේ යුක්‍රේන ආණ්ඩුව සහ අපේ රටේ ආණ්ඩුව. ගිවිසුමට අනුව අපිට ගෙවන්න තිබුණේ ඩොලර් මිලියන 7යි. නමුත් අපි ගෙවලා තියෙනවා ඩොලර් මිලියන 14.8ක්. ඩොලර් මිලියන 7.8ක වංචාවක්. මේ පිළිබඳව අවුරුදු 5ක පරීක්ෂණයක් තිබුණා. ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කළා . හැබැයි මහින්ද මහත්තයා ජපානේ යනකොට මහින්ද මහත්තයා එක්ක යනවා කරට අත දාගෙන. කොරියාවෙ යනකොට යනවා කරට අත දාගෙන රටේ ජාත්‍යන්තර රතු වරෙන්තු කාරයෙක්. ඩුබායි පොලීසිය පහුගිය දා අත් අඩංගුවට ගත්තම අපේ කට්ටිය ගිහිං අරන් ආවා. හැදුවේ එයාවත් මැෂින් එකට දාලා සුද්ධ කරන්න. ඒත් කොළඹ මහේස්ත්‍රාත්වරයා කෙලින් හිටපු නිසා වැඩේ අසාර්ථක උනා. දැන් කියනවා ගෝඨාභය අධිකරණයට එයාගේ වැඩ වලට අත දාන්න එපාලු. ඔන්න එයාගෙ වැඩ,.”

අලුත් වොෂින් මැෂින් එක

අලුත් වොෂින් මැෂින් එක

Posted by Anura Kumara Dissanayake on Monday, February 24, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here