Home Sports පළමු තරඟයෙන් නවසීලන්තයට විශිෂ්ඨ ජයක්

පළමු තරඟයෙන් නවසීලන්තයට විශිෂ්ඨ ජයක්

275

සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඉනිමකින් සහ ලකුණු 65ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන්නට නවසීලන්ත කණ්ඩායමට හැකි වුනා.

නවසීලන්තයේ මවුන්ට් මව්න්ගනුයිහිදී පැවති මෙම තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 353ක් ලබා ගත අතර එයට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම සිය ප්‍රථම ඉනිමේදී කඩුළු 9කට ලකුණු 615ක් ලබා ගත්තා.

දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි එංගලන්ත ක්‍රීඩකයන්ට සියලු දෙනාම දැවී ගොස් ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 197ක් පමණයි.

ඒ අනුව, තරඟය ඉනිමකින් සහ ලකුණු 65කින් නවසීලන්තය ජය ගත්තා. තරඟයේ වීරයා ලෙස ලකුණු 205ක් ලබා ගත් නවසීලන්ත කඩුලු රකින ක්‍රීඩක B J වොට්ලින්ග් ට හිමිවුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here