Home Hit කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම හෙටයි, ජනපති අමාත්‍යවරුන්ටත් සීමා පනවයි

කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම හෙටයි, ජනපති අමාත්‍යවරුන්ටත් සීමා පනවයි

332

වත්මන් රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදි හෙට(26) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර නව රජයේ අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ලෙස රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතා පත් කර තිබේ.

ඒ අතරම කැබිනට් අමාත්‍යවරුන්ට රඳවා ගත හැකි උපදේශකවරුන්ගේ සංඛ්‍යාව සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

ඒ අනුව එක් කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැක්කේ එක් උපදේශකවරයෙකු පමණයි. රජයේ වියදම් අවම කිරීම මෙහි අපේක්ෂාව වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here