Home Hit සිසුන්ගේ නිල ඇඳුම් ගැන අමාත්‍යවරයාට සිහිකැඳවීමක්

සිසුන්ගේ නිල ඇඳුම් ගැන අමාත්‍යවරයාට සිහිකැඳවීමක්

277

පාසල් සිසුන්ට 2020 වසර සඳහා මෙතෙක් නිල ඇඳුම් රෙදි ලැබී නැතැයි ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ සෑම වසරකදීම පාසල් වාර අවසානයට පෙර නිල ඇඳුම් රෙදි ලබා දීම සිදු වුවත් මෙම වසරේදී එය මෙතෙක් සිදුව නැති බවයි.

2019 වසරේ තෙවන පාසල් වාරය 2019.11.29 දිනෙන් අවසන් වීමට නියමිතයි.

එබැවින් මේ වන විට පාසල් නිල ඇඳුම් සිසුන් වෙත ලැබිය යුතු වුවත් ඒ සම්බන්ධ නියමිත කාලරාමුව තුළ බලධාරීන් කටයුතු කර නැති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ.

මේ පිළිබඳ නව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ලංකා ගුරු සංගමය ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවද එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here