Home Hit නිශාන්ත සිල්වා අනුමැතියකින් තොරව විදෙස්ගත වීම ගැන කඩිනම් පරීක්ෂණයක්

නිශාන්ත සිල්වා අනුමැතියකින් තොරව විදෙස්ගත වීම ගැන කඩිනම් පරීක්ෂණයක්

377

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතා පොලිස් මූලස්ථානයේ අනුමැතියකින් තොරව විදේශගත වීම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

පොලිස් නිලධාරියකු විදේශගතවීමේදී අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය අතවශ්‍ය වන අතර එලෙස කිසිඳු අවසරයකින් තොරව විදේශගත වීම බරපතල ගැටළුවක් බැවින් ඒ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයත් ආරම්භ කර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස් මූලස්ථානය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත අද දැනුම්දී තිබෙනවා.

එසේම මෙම නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතාට විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ පොලිස් පරික්ෂක නිශාන්තද සිල්වා පසුගිය රජය සමයේ ආන්දෝලනාත්මක සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළා.

පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා සිය බිරිද සහ දරුවන් තිදෙනා සමඟ ඊයේ දහවල් 12.50ට පමණ ස්විස් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් ස්විස්ටර්ලන්තය බලා පිටව ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here