Home Hit රිෂාඩ් සහ අලව්දීන් අතර ගැටුමක්

රිෂාඩ් සහ අලව්දීන් අතර ගැටුමක්

276

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් සහ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන මොහොමඩ් අලව්දීන්ගේ ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (24) සවස 5.00ට පමණ මෙම ගැටුම සිදුව ඇත්තේ මුන්දලම – කනමුල්ල ප්‍රදේශයේදියි.

පහරදීමෙන් මෝටර් රථ කිහිපයකටද අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමෙන් තුවාල ලැබූ දෙපාර්ශ්වයේ ආධාරකරුවන් කිහිප දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති අතර, ඔවුන් අද පෙරවරුවේ රෝහලෙන් පිටව ගොස් තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here