Home Hit මහාචාර්ය සරත් විජේසූරියට එරෙහි නඩුවක් ජනවාරියට කල් යයි

මහාචාර්ය සරත් විජේසූරියට එරෙහි නඩුවක් ජනවාරියට කල් යයි

288

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු, මහාචාර්ය සරත් විජේසුරිය මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ජනවාරි 14 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (25) නියෝග කළා.


අධිකරණයට අපහාස කිරීම පිළිබඳ එල්ල වී ඇති චෝදනාවට එරෙහිව විරෝධතා දෙසැම්බර් මස අවසන්වීමට පෙර ගොනුකරන ලෙසයි අභියාචනාධිකරණය වගඋත්තරකාර පාර්ශවයට නියෝග කර ඇත්තේ.

නීතිඥවරයෙකු වන සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අනිල් වසන්ත අල්විස් යන මහත්වරුන් විසින් ගොනුකළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

මහාචාර්ය සරත් විජේසූරිය, සමාජ මාධ්‍යජාල හරහා අවස්ථා ගණනාවකදී අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත්කර ඇති බවට චෝදනා කරමින් අදාළ නඩුව ගොනුකර තිබෙනවා.        

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here