Home Hit ජාකොටු තුළ සිරවූ කැස්බෑවන් 25ක් යළි දියඹට

ජාකොටු තුළ සිරවූ කැස්බෑවන් 25ක් යළි දියඹට

277

නාවික හමුදාව මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී ජා‍කොටු තුළ සිරවී සිටි කැස්බෑවන් 25 දෙනෙකු මුදා ගෙන තිබෙනවා.

ධීවරයින් විසින් අටවන ලද ජාකොටු තුළ සිරවී සිටි එම කැස්බෑවුන් නැවත සාගරය වෙත මුදා හැරීමටයි නාවික හමුදාව කටයුතු කර ඇත්තේ.

වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක ගත හැකිවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here