Home Hit හැටන් බස් – ත්‍රීරෝද අනතුරින් කුඩා දරුවකු ඇතුළු 3කට තුවාල

හැටන් බස් – ත්‍රීරෝද අනතුරින් කුඩා දරුවකු ඇතුළු 3කට තුවාල

300

හැටන් ප්‍රදේශයේදී බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්ථාවනවා.

තුවාල ලැබූ පුද්ගලයින් අතර කුඩා දරුවකුද වන බවයි අප වාර්ථාකරු සඳහන් කළේ.

හැටන් සිට මස්කෙලිය දක්වා ධාවනය වූ බස් රථයක් සහ නෝර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මේ අතර මස්කෙලිය නෝර්වුඩ් රොක්වුඩ් වත්ත ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැමීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරුන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර මාර්ගයේ රථවාහන ධාවනයට බාධා මතුව ඇති බවයි වාර්ථාවන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here