Home Hit එස්.බීගේ එක් ආරක්ෂක නිලධාරියකුට ඇප

එස්.බීගේ එක් ආරක්ෂක නිලධාරියකුට ඇප

301

තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු ශරීර ඇප මත මුදාහැරීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා අද (25) නියෝග කළේ අදාල සැකකරු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හරින ලෙසයි.

බන්ධනාගාරගත කර සිටි අනෙක් නිලධාරියා ලබන මස 10වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ එම සිදුවීමේදී වෙඩි තැබුවේ යැයි කියන පොලිස් කොස්තාපල් දුමින්ද ලක්මාල් නමැත්තායි.

පසුගිය 7වනදා ලක්ෂපාන පොල්පිටිය ප්‍රදේශයේදි තරුණයන් දෙදෙනෙකුට වෙඩි තැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂන නිලධාරින් දෙදෙනාව ගිනිගත්හේන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here