Home Hit එක්සත් රාජධානියේ කම්කරු පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ශ්‍රී ලංකාවත් ඇතුළත් කරයි

එක්සත් රාජධානියේ කම්කරු පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ශ්‍රී ලංකාවත් ඇතුළත් කරයි

320

එක්සත් රාජධානියේ කම්කරු පක්ෂය, සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව සහ මානව හිමිකම් ප්‍රශ්නය විසඳීම සඳහා ගනු ලබන පියවර ඇතුළත් කර තිබෙනවා.

කම්කරු රජයක්, එක්සත් ජාතීන් හා පොදුරාජ්‍ය මණ්ඩලය හරහා ශ්‍රී ලංකාවේ සුළුතර දෙමළ සහ මුස්ලිම් ජනගහනය සඳහා මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගන්නා ක්‍රියාමාර්ග එම පක්ෂය පසුගියදා නිකුත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අවධාරණය කිරීමට කටයුතු කර ඇත.

එළඹෙන දෙසැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිත එරට මහ මැතිවරණයට පෙර කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් නිකුත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මානව හිමිකම් ඇතුළත් කොටසේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂාංගයක් ඇතුළත් වේ.

මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය, සුරක්ෂිත ගෝලීය පද්ධතියක මූලික කුලුනු බව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා තිබේ.

මානව හිමිකම් සම්බන්ධීකරණ ප්‍රවේශයකට ප්‍රමුඛතාවය දීම සඳහා විදේශ කාර්යාලය හා රජය හරහා කටයුතු කිරීමට මානව හිමිකම් උපදේශකයන් පත්කරන බවත්, සෑම ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික රැස්වීමකදීම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here