Home Hit රුසියානු ජනපතිගෙන් නව ජනපතිට සුබ පැතුම්

රුසියානු ජනපතිගෙන් නව ජනපතිට සුබ පැතුම්

278

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ ප්‍රාර්ථනා කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය නියත වශයෙන්ම ලාංකීය ජනතාවගේ මූලික අභිලාස සපුරාලන අතර කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමට ද සමගාමී වන බව සුබ පැතුම් පණිවිඩයේ අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

රුසියානු – ශ්‍රී ලාංකික සබඳතා සාම්ප්‍රදායික හා මිත්‍රශීලී බව පිළිබඳවද ව්ලැදිමීර් පුටින් මහතා සඳහන් කර තිබේ.

ඔහු පවසා ඇත්තේ රාජ්‍ය නායකයා ලෙස රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරකම් ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් වර්ධනය කිරීමට සහ විවිධ අංශවල සහයෝගීතාවට ඉවහල් වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සාර්ථකත්වය, යහපත් සෞඛ්‍යය සහ සමෘද්ධිය ප්‍රාර්ථනා කරන බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here