Home Environment හුරුළු පරිසර උද්‍යානයේ ආදායම වාර්තාගත ලෙස ඉහළට

හුරුළු පරිසර උද්‍යානයේ ආදායම වාර්තාගත ලෙස ඉහළට

598

හබරණ හුරුළු පරිසර උද්‍යානයේ (Hurulu Eco Park) ආදායම 6 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

2017 වසරේ එහි ආදායම රුපියල් මිලියන 7.3ක් වූ අතර, 2018 වසරේ එහි සමස්ථ ආදායම රුපියල් මිලියන 48.5ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

ගතවූ වසර දෙකක කාලයේදී හුරුළු සංචාරක උද්‍යානය වෙත සංචාරකයන්ගේ පැමිණීමද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

වන අලින් සහ තවත් දුර්ලභ සත්ව විශේෂ රාශියක් දැකගැනීම සඳහා සංචාරක ජිප් රථ සේවාවක්ද මෙම සංචාරක උද්‍යානයේ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here