Home Hit පොහොට්ටුවෙන් ආරාධනා කළොත් සාකච්ඡා කරන්න සූදානම් – TNA

පොහොට්ටුවෙන් ආරාධනා කළොත් සාකච්ඡා කරන්න සූදානම් – TNA

359

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආරාධනාවක් ලැබෙන්නේ නම්,
ඉදිරි මහ මැතිවරණයට එම පෙරමුණ සමඟ සන්ධානගතව තරග කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පෙන්වා දෙන්නේ මේ වන විට තීරණය කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය ලෙස මහ මැතිවරණයට තරග කිරීමට බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආරාධනාවක් ලැබෙන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

ජාතික ගැටලුව සහ දෙමළ ජනතාවගේ ගැටලු විසඳාගැනීම තම ප්‍රමුඛ අරමුණ බවත් ඒ සඳහා එකඟ වන ඕනෑම කණ්ඩායමක් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here