Home Hit ගෘහස්ථ හිංසනයට එරෙහිව ප‍්‍රංශය තුළ විරෝධතා

ගෘහස්ථ හිංසනයට එරෙහිව ප‍්‍රංශය තුළ විරෝධතා

276


ගෘහස්ථ හිංසනයට එරෙහිව ප‍්‍රංශය තුළ විරෝධතා ආරම්භ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගෘහස්ථ හිංසනය හේතුවෙන් විපතට පත් කාන්තාවන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ පුද්ගලයින් රට පුරා විරෝධතාවයේ යෙදී සිටින බවයි.

වසරේ ගතවූ කාලය තුළ පමණක් ගෘහස්ථ හිංසනය හමුවේ ප‍්‍රංශය තුළ කාන්තාවන් 137 දෙනෙකු සිය ස්වාමිපුරුෂයා අතින් ඝාතනයට ලක්ව ඇති බවයි එරට සිවිල් සංවිධාන චෝදනා කරන්නේ.

ගෘහස්ථ හිංසනය වැළැක්වීමට හා කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප‍්‍රමාණවත් පියවර ගැනීමට ප‍්‍රංශ රජය අපොහොසත්වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here