Home Hit හිටපු ජනපති මෛත්‍රි පාර්ලිමේන්තු එන්න මාව අස්කරන්න යනවා – ෆවුසි

හිටපු ජනපති මෛත්‍රි පාර්ලිමේන්තු එන්න මාව අස්කරන්න යනවා – ෆවුසි

549

තමන්ව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසනවා.

ඉකුත්දා පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ෆවුසි මන්තී‍්‍රවරයා, ශ්‍රීලනිපයෙන් නෙරපීමට ඒකමතික තීන්දුවක් ගෙන තිබුණා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය බැවින්, ඒ සඳහා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන් ඉල්ලීම් කර තිබුණද ඉන් ඵලක් නොවූ තැන තමන්ව මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාව හරහා කටයුතු කරන බවයි ෆවුසි මහතා පවසන්නේ.

මෙය නීති විරෝධී ක්‍රියාවක් බවත්, ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ.එච්.එම්. ෆවුසි මහතා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here