Home Environment පරිසර සංරක්ෂණයට පොලිසියෙන් දීපව්‍යාප්ත වැඩපිළිවෙළක්

පරිසර සංරක්ෂණයට පොලිසියෙන් දීපව්‍යාප්ත වැඩපිළිවෙළක්

314

පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසය අද (24) දීප ව්‍යාප්ත විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, පොලිස් පාරිසරික දිසාව සහ පාරිසරික කොට්ඨාසය ප්‍රතිසංවිධාන කරමින් එම කටයුතු ආරම්භ කෙරුණේ කොළඹ නිදහස් චතුරස්‍රයේදියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පාරිසරික දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුත්, පාරිසරික කොට්ඨාසය භාර නව අධ්‍යක්ෂකවරයෙකුත් පත් කිරීමට කටයුතු කළ බවයි.

එමෙන්ම, රියැදුරන් සහ පදිකයන් දැනුවත් කිරීම හරහා රිය අනතුරු අවම කරගැනීමේ වැඩසටහනක්ද ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here