Home Hit ගෝඨාභයගේ අගය උතුරු නැඟෙනහිර ජනතාවට නුදුරේදීම වැටහේවි – කරුණා

ගෝඨාභයගේ අගය උතුරු නැඟෙනහිර ජනතාවට නුදුරේදීම වැටහේවි – කරුණා

829

සිංහල ජනතාවගේ ඡන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයගත් බවත්, දෙමළ ජනතාවද සුළු පිරිසක් ඒ මහතාට ඡන්දය ලබාදුන් බවත් දෙමළ ජාතික නිදහස් පෙරමුණේ නායක, විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා.

තමන් උතුරේ ගමක් ගමක් පාසා ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ බව පවසන මුරලිදරන් මහතා පෙන්වා දෙන්නේ, බහුතර දෙමළ ජනතාව සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වූ බවයි.

රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් කටයුතු කළ මඩකළපුව සහ මුලතිව් ප්‍රදේශවල ජනතාවට සිය විශේෂ ස්තුතිය පුදකරන හෙතෙම සඳහන් කරන්නේ මුස්ලිම් ජනතාවගේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට නොලැබීම පිළිබඳ තමන් කනගාටු වන බවයි.

ලැබූ ජයග්‍රහණයත් සමඟ ජනාධිපතිවරයා සමස්ත ශ්‍රී ලංකාවම සංවර්ධනය කරන විට උතුරු නැඟෙනහිර ජනතාවට ඔහුගේ අගය වැටහෙනු ඇතැයිද ඔහු පෙන්වා දෙනවා.

ඉදිරියේදී තමන්ටද ඇමැති ධුරයක් ලැබුණහොත් උතුරු නැඟෙනහිර සියලු ජනකොටස් සඳහා සේවය කරන බවත්, එම පළාත්වල ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් මැඬලීමට පියවර ගන්නා බවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here