Home Hit ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට අත්හිටුවයි

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට අත්හිටුවයි

266

කැලණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (24) දිනයේ පෙරවරු 8 සිට පැය 24ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසයි.

කටුනායක – සීදුව , ජාඇල නගර සභාව වත්තල මාබෝල නගර සභාවේ කොටසක් වන මාබෝල ප්‍රදේශයට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇත.

එසේම ජාඇල සහ වත්තල ප්‍රාදේශීය සභා වලට අයත් වැලිසර, කෙළවරපිටිය, දික් ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුළාව, පොල්ගහහේන, ජයශ්‍රිගම සහ දියගල බෝයිස්ටවුන් අවට ප්‍රදේශයට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here