Home Hit එළවළු තොග මිල පහළට

එළවළු තොග මිල පහළට

408

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල ගණන් තරමක් පහත වැටී ඇති බව වෙළෙඳුන් පවසනවා.

මේ දිනවල ලැබෙන එළවළු තොග වැඩිවීම හේතුවෙන් එම තත්ත්වය හටගෙන ඇති අතර, කැරට්, ලීක්ස්, මාළු මිරිස් සහ බීට් යන එළවළු වර්ග හැර සෙසු එළවළු කිලෝග්‍රෑමයක් රුපියල් 50ට වඩා අඩු මට්ටමක පවතින බව සඳහන්.

එසේම එළවළු මිලට ගැනීමට පැමිණෙන වෙළෙඳුන්ගේ යම් අඩුවක්ද මේ දිනවල පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එළඹෙන උත්සව සමය වන විට එළවළු මිල ගණන් ඉහළ යා හැකි බවඳ වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here