Home Hit අල්ලස් ගත් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා ලබන 4 වනදා තෙක් රිමාන්ඩ්

අල්ලස් ගත් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා ලබන 4 වනදා තෙක් රිමාන්ඩ්

288

අත්අඩංගුවට ගත් හලාවත වැඩබලන සහකාර පොලිස් අධිකාරිවරයා ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව.

මුන්නේෂ්වරම් ප‍්‍රදේශයේ පිහිටි දේවාලයක භාරකරුගෙන් දේවාලයේ තැන්පත් කර තිබූ වාලම්පූරියක් අස්ථානගතවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා රුපියල් එක්ලක්ෂ අනූදහසක් අල්ලස් ලෙස ලබාගැනීම ඔහුට එරෙහි චෝදනාව වූ අතර සැකකරු එම දේවාලය තුළදීම අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සමත් වුණා.

සැකකරු ලබන 4 වනදා කොළඹ මභෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here