Home Hit ප්‍රථම විදෙස් සම්මුඛ සාකච්ඡාවට ගෝඨාභය එක්වෙයි

ප්‍රථම විදෙස් සම්මුඛ සාකච්ඡාවට ගෝඨාභය එක්වෙයි

482

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පැවැත්වූ සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට අද (23) සහභාගි වී තිබෙනවා.

ඒ, ප්‍රකට ඉන්දීය ආරක්ෂක විශ්ලේෂකයකු වන නිටින් ඒ. ගෝකාල් සමඟයි.

පැයක පමණ කාලයක් එම සම්මුඛ සාකච්ඡාව පවත්වා ඇති අතර, එය Strategic News International සහ Bharat Shakti යන නාලිකා ඔස්සේ විකාශය වීමට නියමිතව තිබෙනවා.

එම සාකච්ඡාවේදී ජාතික ආරක්ෂාව, සංවර්ධනය සහ ආර්ථිකය ඇතුළු විවිධ මාතෘකා පිළිබඳ සාකච්ඡා කළ බවයි නිටින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

නිටින් ඒ. ගෝකාල් එම සම්මුඛ සාකච්ඡාව පිළිබඳ තැබූ ට්විටර් සටහන පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here