Home Entertainment ඇඳ සිටි ඇඳුම ගලවා ගිනිගෙන දැවෙන කෝලා වලහා බේරාගත් කාන්තාව (VIDEO)

ඇඳ සිටි ඇඳුම ගලවා ගිනිගෙන දැවෙන කෝලා වලහා බේරාගත් කාන්තාව (VIDEO)

768

මේ වන විට ඕස්ට්‍රේලියාවේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් හතර දෙනකු පමණ මියගොස් තවත් සුවිශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

ඊට අමතරව වනාන්තර සහ සත්ව ප්‍රජාවද දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ අක්කර මිලියන 2.5ක් පමණ ලැව්ගිනි හේතුවෙන් විනාශවී ඇති අතර මේ වන විට එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති බව සඳහන්.

මෙම විනාශකාරී ලැව්ගිනි හේතුවෙන් වන සතුන්ද මුහුණපා ඇත්තේ ඉතා ශෝකජනක ඉරණමකටයි. දුර්ලභ සත්ව විශේෂයක් වන කෝලා සත්වයකු මෙම ගින්නට මැදිවී සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉතා සංවේදී සිදුවීමක් වන එහි දැක්වුණේ ටෝනි ඩොහර්ටි නම් කාන්තාවක් ගිනි ගෙන දැවෙන කෝලාවකු බේරාගන්නා අවස්ථාවකි. ටෝනි සිය ජැකට්ටුව ගලවා එයින් කෝලාව ආවරණය කරගෙන සිය සැමියා සමඟ ඉක්මනින් රෝහලට රැගෙන ගොස් ඇත.

දැඩි වෙහෙසක් දරා එම සත්වයා සුවපත් කිරීමට ටෝනි සහ වෛද්‍ය කාර්යමණ්ඩලය මේ වන විට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඇගේ මෙම විශිෂ්ට ක්‍රියාව හේතුවෙන් නිකරුණේ මියයෑමට සිටි සත්වයකුගේ දිවි බේරාගැනීමට හැකිවීම විදෙස් මාධ්‍යවල විශේෂ ඇගයීමට ලක්වුණා.

ගිනිගැනීමට ලක්වූ තවත් එවැනි කෝලාවන් 31 දෙනකු පමණ රෝහලට රැගෙනවිත් ප්‍රතිකාර කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

(එම සිදුවීම ඇතුළත් වීඩියෝව පහතින්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here