Home Hit පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මන්ත්‍රීවරු ප්‍රශ්න කරද්දී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කළ යුතු...

පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මන්ත්‍රීවරු ප්‍රශ්න කරද්දී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කළ යුතු බව රනිල් කියයි

275

එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් ජනාධිපතිවරණයෙන් පසුව මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇත.

එම තත්ත්වය වළක්වන බවට ජනාධිපතිවරයා තමන්ට සහතික වූ බවත්, මැතිවරණයක් තුළ පමණක් නොව ඉන් පසුවද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහතික කිරීම අත්‍යවශ්‍ය බවත් රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධව ප්‍රකාශ නිකුත් කරන රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය තුළ මේ වන විට නායකත්වය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් මතු වී ඇති අතර, වසර 25කත අධික කාලයක් පක්ෂ නායකත්වයේ රැඳී සිටින එම මහතාට පක්ෂ නායකත්වයෙන් ඉවත් වී තරුණ නායකයකුට පක්ෂය භාර දෙන ලෙස මේ වන විට එක්සත් ජාතික පක්ෂයේම පිරිස් බල කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here