Home Uncategorized විදෙස් සංචාරවලට පවුලේ සාමාජිකයන් රැගෙන යෑම ජනපති අත්හිටුවයි

විදෙස් සංචාරවලට පවුලේ සාමාජිකයන් රැගෙන යෑම ජනපති අත්හිටුවයි

997

නිල විදෙස් සංචාරවලදී තම භාර්යාවන් හෝ පවුලේ සාමාජිකයන් කැටුව යෑම තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.

තම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අනවශ්‍ය වියදම් අවම කිරීමේ පියවරක් ලෙසයි ඔහු මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ.

තම පළමු නිල සංචාරය ලෙස නුදුරේදීම ඉන්දියාව බලා පිටත්ව යෑමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර, එම සංචාරයටද තම පවුලේ කිසිදු සාමාජිකයකු සහභාගි කර නොගැනීමටයි ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත්තේ.

මේ අතර, අමාත්‍යවරුන්ට ලබාදී තිබෙන අමතර වාහන සහ ආරක්ෂක නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here