Home Uncategorized ජනපති ගෝඨාභය සුළුතර ජනතාව දිනාගත යුතුයි – මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා (VIDEO)

ජනපති ගෝඨාභය සුළුතර ජනතාව දිනාගත යුතුයි – මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා (VIDEO)

306

අභිනව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මීළඟ අභියෝගය වන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සිදුකර, උතුරු – නැඟෙනහිර සුළුතර ජනතාවගේ විශ්වාස දිනාගැනීම බව දේශකීර්ති, ලංකාපුත්‍ර, මේජර් ජෙනරාල්, ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා අවධාරණය කරනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ මෙවර ජනාධිපතිවරණයේදී සුළුතර සහ බහුතරය, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම කැපීපෙනුණු බවයි.

දේශප්‍රේමීත්වය මුල්කරගනිමින් බහුතර ජනතාවක් රාජපක්ෂ මහතා දිනවීමට කටයුතු කර ඇති බවයි මේජර් ජෙනරාල්වරයා සඳහන් කරන්නේ.

එසේ වුවද සුළුතර ජන මතය ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳවද සැලකිලිමත් විය යුතු බව පෙන්වා දෙන ඒ මහතා සඳහන් කරන්නේ රට තුළ වසර 30ක සිවිල් අරගලයක් පැවැතීම ඊට හේතුව බවයි.

පසුගිය රාජපක්ෂ පාලන කාලය තුළදී උතුරු නැඟෙනහිර පළාත්වලට බොහෝ සේවාවන් සිදුවුවද මෙවර ජනාධිපතිවරණයේදී එම සුළුතර ජනතාවගේ විශ්වාසය ගොඨාභය රාජපක්ෂ මහතාට දිනාගත නොහැකි වීම කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතු බවද බොනිෆස් පෙරේරා මහතා පෙන්වා දෙනවා.

එසේ නොවුණහොත් සුළුතර ජනතාව මෙම රජය ප්‍රතිෂේප කර ඇතැයි යන චෝදනාව ජාත්‍යන්තර වශයෙන් එල්ලවිය හැකි බව පෙන්වා දෙන ඒ මහතා අවධාරණය කරන්නේ සංහිඳියාව ඇතිකිරීම සහ ශ්‍රී ලාංකික අනන්‍යතාව මූලික කරගනිමින්, ආගම්, ජාති වශයෙන් නොබෙදී ක්‍රියා කළ යුතු බවයි.

(බොනිෆස් පෙර්රා මහතා එම අදහස් පළ කළ වීඩියෝව පහතින්)

නව ජනපති සුළුතර විශ්වාසය දිනාගත යුතුයි

නව ජනපති සුළුතර විශ්වාසය දිනාගත යුතුයි -Major General Dr Boniface Perera

Posted by Newshub.lk on Thursday, November 21, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here