Home Hit අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මියගිය දරුවාට වන්දි ඉල්ලා ඇමෙරිකානුවකුගෙන් පෙත්සමක්

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මියගිය දරුවාට වන්දි ඉල්ලා ඇමෙරිකානුවකුගෙන් පෙත්සමක්

227

පසුගිය අප්‍රේල් 21 දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තම 12 හැවිරිදි දරුවා මියයෑම සම්බන්ධයෙන් රජයෙන් වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇමරිකානු ජාතිකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකානු ජාතික වෛද්‍යවරයෙකු වන ඇලෙක්සැන්ඩර් ඇලෝ විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු නව දෙනකු නම්කර ඇති බව සඳහන්.

එවැනි ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට රජය අපොහොසත් වීම මත මෙම තත්ත්වය උද්ගත වූ බව පෙත්සම්කරු පෙන්වා දී තිබෙනවා.

ඒ හේතුවෙන් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, සුදුසු වන්දියක් ලබාදෙන ලෙසත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here