Home Hit එඩින්බරෝහී පැවති ආදිවාසී හිස්කබල් 9ක් යලිත් මෙරටට

එඩින්බරෝහී පැවති ආදිවාසී හිස්කබල් 9ක් යලිත් මෙරටට

293

එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ තබා තිබෙන මෙරට ආදී වාසීන්ට අයත් හිස්කබල් 09 ක් යළි මෙරටට ලබාදීමට එම විශ්ව විද්‍යාලය තීරණය කර ඇතැයි වාර්තාවනවා. 

මෙම හිස්කබල් වසර 200 ක් පමණ පැරණි ඒවා බවයි සඳහන් වන්නේ්.

විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ‍ ආදිවාසි නායක උරුවරිගේ වන්නිලා ඇත්තන් හට ඒවා යළි ලබාදීමට එඩින්බරෝ විශ්ව විද්‍යාලය එකඟවී ඇති බැවින් ඒවා ලබා ගැනීමට ආදිවාසි නායකයා එඩින්බරෝ විශ්ව විද්‍යාලයට පැමිණීමට නියමිත බවයි.

සාම්ප්‍රදායික දඩයම්කරුවන් සහ වනාන්තර වැසියන් ලෙස ආදිවාසීන්ගේ ඉතිහාසය විදහා දක්වන ඔවුන්ගේ ආයුධ එකතුවක් සහ හිස් කබල් ප්‍රදර්ශනය කිරීමට ද එඩින්බරෝ විශ්ව විද්‍යාලය සැලසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here