Home Hit ලලිත් වීරතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරයි

ලලිත් වීරතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරයි

398

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම ලබන මාර්තු මස 20 වනදා දක්වා ඉවත්කරන මෙන් අභියාචනාධිකරණය නියම කළේය.

ලලිත් වීරතුංග මහතා විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබුවේය.

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ලලිත් වීරතුංග මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 03 ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කර ඇති අතර එම තීන්දුවට එරෙහිව විරතුංග මහතා විසින් අභියාචනාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

එම අභියාචනයට අදාළව වීරතුංග මහතාට ඇප ලබා දීමේදී ඔහුගේ විදේශ ගමන් අභියාචනාධිකරණය විසින් තහනම් කර තිබේ.

එම තහනම තාවකාලික ලෙස ඉවත් කරන ලෙස ඉල්ලමින් වීරතුංග මහතා විසින් අද අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here