Home Hit නිදහස් පක්ෂ – පොදුජන පෙරමුණු ගිවිසුම කඩවෙයි

නිදහස් පක්ෂ – පොදුජන පෙරමුණු ගිවිසුම කඩවෙයි

785

2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීම සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 10 වැනිදා එම පාර්ශ්ව දෙක අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් සාගර කාරියවසම් මහතා එම ගිවිසුමට අත්සන් තැබුවා.

අදාළ අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ඉදිරියේදී පත්වන නව රජයේ අමාත්‍ය මණ්ඩලයෙන් 31%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවිය යුතු බවට වගන්තියක් ඇතුළත්ව තිබූ බවයි වාර්තා වුණේ.

අද (22) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන්නට යෙදුණු නව කැබිනට් මණ්ඩලයේදී එම අවබෝධතා ගිවිසුමේ සඳහන් පරිදි ඇමැති ධුර සංඛ්‍යාවක් ශ්‍රීලනිපයට හිමි නොවීම කැපීපෙනුණා.

ගිවිසුමට අනුව 16 දෙනකුගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයේ ඇමැති ධුර 04ක් ශ්‍රීලනිපයට හිමිවිය යුතුව තිබුණද, මේ වන විට එම පක්ෂයට හිමිවී ඇත්තේ කැබිනට් ධුර 02ක් පමණයි.

එම ඇමැති ධුර දෙක හිමිවූයේ ශ්‍රීලනිප උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාට සහ මහින්ද අමරවීර මහතාටයි.


ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිකරගත් අදාළ ගිවිසුම මේ වන විට කඩවී ඇති බව පෙනීයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here