Home Hit ආරක්ෂක ලේකම්ගෙන් රථවාහන පොලීසියට ඉලක්කයක්

ආරක්ෂක ලේකම්ගෙන් රථවාහන පොලීසියට ඉලක්කයක්

935

කොළඹ ප්‍රදේශයේ පවතින රථවාහන තදබදය කඩිනමින් අවසන් කළ යුතු බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ආරක්ෂක ලේකම්වරයා සහ රථවාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී අද (22) පැවති හමුවකදී මේ බව අවධාරණය කර තිබෙනවා.

කොළඹ වාණිජ අගනුවර සහ දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවල පවත්නා රථවාහන තදබදය සහ අනෙකුත් රථවාහන හැසිරවීම සම්බන්ධ ගැටළු සඳහා විසඳුම් සෙවීමේ අරමුණිනුයි මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ.

මහා මාර්ග භාවිතා කරන පොදු මහජනයා වෙත සහන සැලසීම සඳහා මෙම දැවෙන ගැටලුවට කඩිනම් හා කල් පවත්නා විසඳුම් සෙවීමට ආරක්‍ෂක ලේකම්වරයා විසින් පොලිසියට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here