Home Hit ඇමසන් විනාශය වේගයෙන් ඉදිරියට

ඇමසන් විනාශය වේගයෙන් ඉදිරියට

398

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජෙයර් බොල්සොනාරෝගේ ප්‍රතිපත්ති හේතුවෙන් ඇමසන් වනාන්තරය ආශ්‍රිතව වන විනාශය මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එරට පරිසරවේදීන් පවසනවා.

බ්‍රසීලයේ අභ්‍යවකාශ ඒජන්සි වාර්තා අනුව වනාන්තරය ආශ්‍රිතව වන විනාශය පසුගිය මාස 12ක කාලය තුළ 29.5%කින් ඉහළ ගොස් තිබෙනවා.එය 2008 වසරින් පසුව වාර්තා වන ඉහළම අගය බව ඔවුන් සඳහන් කරනවා.

ඒ අනුව, 2018 අගෝස්තු සිට 2019 ජූලි මාසය දක්වා වූ වසරක කාලය තුළ වනාන්තරයේ වර්ග කිලෝමීටර් 9,762ක භූමි ප්‍රමාණයක් එළිපෙහෙළි වී තිබේ.

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජෙයර් බොල්සොනාරෝගේ ප්‍රතිපත්ති මෙම වන විනාශයට සෘජුවම බලපා ඇති අතර, පරිසරවේදීන් පවසන්නේ වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග මෙම වන විනාශය වේගවත් වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here