Home Uncategorized සජිත්ව විපක්ෂ නායක කරන්න – එජාපයේ ප්‍රබලයන්ගෙන් කතානායකට ලිපියක් (PHOTOS)

සජිත්ව විපක්ෂ නායක කරන්න – එජාපයේ ප්‍රබලයන්ගෙන් කතානායකට ලිපියක් (PHOTOS)

384

සජිත් ප්‍රේමදාස මහතාව විරුද්ධ පක්ෂයේ නායකයා ලෙසට පත්කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ඇතුළු මන්ත්‍රීවරු 45 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කතානායකවරයා වෙත යොමුකර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම්, පාඨලී චම්පික රණවක, මංගල සමරවීර, අජිත් පී. පෙරේරා, එස්.එම්. මරික්කාර්, එරාන් වික්‍රමරත්න, මලික් සමරවික්‍රම, සුජීව සේනසිංහ, තලතා අතුකෝරාළ ඇතුළු ප්‍රභලයන් පිරිසක් මෙම ලිපියට අත්සන් කර ඇත.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව විපක්ෂ නායකවරයා ලෙස පත්කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද උදෑසන කතානායකවරයා වෙත ලිපියක් යොමුකර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ තවදුරටත් දේශපාලනයේ නියැලීමට තමන් අකැමැති බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරු රැසක් මේ වනවිට ප්‍රකාශ කර තිබේ.

(සජිත් ප්‍රේමදාස මහතාව විරුද්ධ පක්ෂයේ නායකයා ලෙසට පත්කරන ලෙස ඉල්ලා යොමුකළ ලිපිය)



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here