Home Local ප්‍රභූ ආරක්ෂක රථයක් බව අඟවා මත්පැන් ජාවාරමේ නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට

ප්‍රභූ ආරක්ෂක රථයක් බව අඟවා මත්පැන් ජාවාරමේ නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට

236

ප්‍රභූ ආරක්ෂක රථයක් බව අඟවමින් නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත වූ මෝටර් රථයක් සමඟ සැකකරුවකු පොළොන්නරුව ඕනෑගමදී අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෝටර් රථය තුළ තිබී නීති විරෝධී මත්පැන් මිලිලීටර් 33,000ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසන්නේ.

ප්‍රභූ ආරක්ෂක රථවලට මාර්ගයේ ඉඩ ලබාගන්නා සංඥා පද්ධතියක් ව්‍යාජ ලෙස සකසා අදාළ මෝටර් රථයේ සවිකර තිබී ඇති අතර, එලෙස කලක පටන් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවයි පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here