Home Hit සිරිකොතේ දොර පාක්ෂිකයන්ට වැසේ, සජිත්ට වොක්ෂෝල් වීදියේ දී ඉහළ පිළිගැනීමක්

සිරිකොතේ දොර පාක්ෂිකයන්ට වැසේ, සජිත්ට වොක්ෂෝල් වීදියේ දී ඉහළ පිළිගැනීමක්

404

නව ප්‍රජාතන්ත්රතවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේ වොක්ෂෝල් වීදියේ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී සිය පාක්ෂිකයින් හමුවුනා.

ජනාධිපතිවරණයේදී තමන්ට සහය පල කළ ආසන සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකයින් සමග ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරිම මෙම හමුවේ අරමුණ වී තිබුනා.

මෙම උත්සවය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරු 11.00ට පැවැත්විමට මීට පෙර සැලසුම් කර තිබුනත් ඊයේ පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ එම උත්සවය අද දිනයේ නොපැවැත්වෙන බවයි.

අදාල හමුව සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේ නොලැබුණ ද සජිත් ප්‍රේමදාස මහතාගේ කොළඹ පිහිටි ප්‍රධාන ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී මෙම උත්සවය පවත්වනු ලැබුවා.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට විශාල ජනතාවක් පැමිණ සිටි අතර ඔවුන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ පරාජයේ දුක බෙදා ගත් අතර දේශපාලනයේ නව ගමනකට ඔවුන්ගේ සුභාශිංෂන පිරිනමනු ලැබුවා.

LIVE from Vauxhall office

Posted by Sajith Premadasa on Wednesday, November 20, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here