Home Hit නව කථානායක වාසු?

නව කථානායක වාසු?

619

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැත්වුණා.

නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම, නව තනතුරු සම්බන්ධයෙන් මෙන්ම මීලඟ පාර්ලිමේන්තු සැසිය පිළිබඳ එහිදී අවධාණය යොමු වූ බව සඳහන්.

එමෙන්ම විපක්ෂනායකගේ පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන පක්ෂ රැස්වීමේදී මීලඟ පාර්ලිමේන්තු සැසිය පිළිබඳ තීරණය කරන බවද වාර්ථාවනවා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් ද අද (21) පැවැත්වුණා.

නව අමාත්‍ය මණ්ඩලය පිළිබඳ එහිදී සාකච්ඡා වූ බවයි වාර්ථාවන්නේ.

නව අමාත්‍ය මණ්ඩලය 15කට සීමා වී ඇති අතර ඔවුන් හෙට දිනයේදී දිවුරුම් දීමට නියමිතයි.

මේ අතර කථානායක ධුරය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here