Home Hit ඩිපෝ අධිකාරී තනතුරට කළමනාකරුවෝ ඇණකොටා ගනිති

ඩිපෝ අධිකාරී තනතුරට කළමනාකරුවෝ ඇණකොටා ගනිති

365

බදුල්ල ලංගම ඩිපෝවේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ එම ඩිපෝවේ හිටපු ඩිපෝ කළමනාකරුවන් ලෙස සේවය කල එම ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි සහ 53 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.

ඩිපෝවේ අධිකාරී තනතුර සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් දුරදිග යාම මෙම ආරවුලට හේතුවී තිබෙනවා.

මේ වන විට සේවයේ නියුතු ඩිපෝ අධිකාරිවරයා ජනාධිපතිවරණයෙන් පසු සේවයට නොපැමිණෙන බැවින් එම තනතුර සඳහා මෙම ආරවුල හටගෙන ඇති බවයි ඩිපෝ සේවකයෝ පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here