Home Local 717,008ක් මෙවර සා/පෙළ ලියති

717,008ක් මෙවර සා/පෙළ ලියති

218

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 02 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දිවයින පුරා මධ්‍යස්ථාන 4,987කදී විභාගය පැවැත්විමට කටයුතු යොදා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයඳුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර, ඉන් 433,050 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වෙයි.

මෙවර සා/පෙළ විභාගය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.

විභාගය සඳහා අයදුම්කර ඇති බන්ධනාගාර රැඳවූවන් වෙනුවෙන් රත්මලාන, තංගල්ල, මාතර, හලාවත සහ කොළඹ මැගසින් යන බන්ධනාගාරවල විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ද විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

මේ අතර මහරගම අපේක්ෂා රෝහල, වටරැක සුනීත විද්‍යාලය, නේපාලයේ කත්මන්ඩු නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේද විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here