Home Hit සජිත්ට පක්ෂ නායකත්වය නොදුනහොත් ආසන සංවිධායක ධුරයෙන් අයින් වෙනවා-හේෂා

සජිත්ට පක්ෂ නායකත්වය නොදුනහොත් ආසන සංවිධායක ධුරයෙන් අයින් වෙනවා-හේෂා

399

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දිය යුතු බව පවසයි.

ඒ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ පක්ෂය මේ වන විට වැටී ඇති අර්බුධකාරී තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ මහතා නව නායකත්වයක් වෙත ඉඩ ලබා දිය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

“එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් නොවන්නේ නම් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට හා පාර්ලිමේන්තු කණ්ඩායමට පක්ෂයේ තීරණ ගැනීමට හා සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා නොදෙන්නේ නම් මම රක්වාන මැතිවරණ කොට්ඨාශයේ එජාප සංවිධායක ධුරයෙන් අයින් වෙනවා.

රනිල් වික්‍රමසිංහ පාක්ෂිකයන්ගේ තියෙන මතය පිළිබඳව අවබෝධයෙන් පක්ෂය වැටෙන්න යන මහා අගාධයෙන් බේරා ගත යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here