Home Hit රුපියල් කෝටි 3ක් වංචා කළ පුද්ගලයකු රිමාන්ඩ්

රුපියල් කෝටි 3ක් වංචා කළ පුද්ගලයකු රිමාන්ඩ්

220

විදෙස් රටවල රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයකු ලබන 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

අදාල සැකකරු, ජපාන සහ ප්‍රංශය යන රටවල රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් 11 දෙනෙකුගෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා කර චීනයට පලා ගොස් සිට තිබෙනවා.

සිය බිරිඳ බැලීම සඳහා රහසිගතව යලි ලංකාවට පැමිණි අවස්ථාවේදී එය වංචාවට ලක් වූ පුද්ගලයින්ට හෙළිවීමෙන් පසු ඔවුන් විසින් සැකකරු අල්ලා මීගමුව පොලීසියට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුට ඇප ඉල්ලා සිටියත් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (20) නියේග කළා.

සැකකරු කටාන ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here