Home Hit මාලිංග 2020 IPL තරගාවලියේත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට

මාලිංග 2020 IPL තරගාවලියේත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට

292

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග එළඹෙන ඉන්දිය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ද මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.

එළඹෙන 2020 IPL තරඟාවලිය පිළිබඳ කණ්ඩායම් හිමිකරුවන් සහ සංවිධායකයන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව දැනුම් දී තිබෙනවා.

මාලිංග ඇතුළු ක්‍රිඩකයින් 18 දෙනෙකු මුම්බායි කණ්ඩායමේ ඉදිරි තරඟ සඳහා රඳවා ගැනිමට තීරණය කර තිබෙනවා. ඒ අතර වෙනත් කණ්ඩායම්වලින් මිලදී ගත් ක්‍රිඩකයන් තිදෙනෙකු ද වනවා.

කෙසේ වෙතත් තවත් ක්‍රිඩකයන් 12 දෙනෙකු ඉවත් කිරීමට ද මුම්බායි
ඉන්ඩියන්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා. මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් හයදෙනෙකු කණ්ඩායමෙන් ඉවත් කිරිමට තීරණය කර ඇති බව සඳහන්. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ක්‍රීඩකයන් 12 දෙනෙකු ද, රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට් රයිඩර් යන කණ්ඩායම්හි ක්‍රීඩකයින් 11 දෙනා බැගින්ද මුදාහැර තිබෙනවා.

2020 IPL තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරාගැනිමේ වෙන්දේසි ලබන මාසයේදී පැවැත්විමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here