Home Hit ජනපතිවරණ ප්‍රතිඵලයෙන් පසු මාලිංගගේ සමුගැනීම කල්දමයි

ජනපතිවරණ ප්‍රතිඵලයෙන් පසු මාලිංගගේ සමුගැනීම කල්දමයි

402

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ලසින් මාලිංග ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියෙන් අනතුරුව ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳ නැවත සිතාබැලීමක් කරන බව පවසනවා.

ඒ අනුව තවත් වසර දෙකක කාලයක් ක්‍රීඩා කිරීමටයි ඔහු තීරණය කර ඇත්තේ.

පසුගිය මාර්තු මාසයේදී මාලිංග සඳහන් කර තිබුණේ 2020 ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වන විස්සයි විස්ස ලෝකු කුසලාන තරගාවලියෙන් අනතුරුව විශ්‍රාම ගන්නා බවයි.

කෙසේ වෙතත් තම දක්ෂතා පිළිබඳ සෑහීමට පත්වන බවත්, පන්දු යවන්නකු ලෙස තවත් කාලයක් කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වීමට හැකි බවත් ලසිත් මාලිංග ESPNCricinfo වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙනවා.

විස්සයි විස්ස තරගාවලි රැසක අත්දැකීම් ඇති ක්‍රීඩකයකු වීම හේතුවෙන් ඉදිරියේදීද තමන්ට දස්කම් දැක්විය හැකි බවයි ලසිත් මාලිංග සඳහන් කර ඇත්තේ.

එසේම කණ්ඩායමේ තවදුරටත් රැඳී සිටියහොත් තරුණ ක්‍රීඩකයන්ට මඟ පෙන්වීමක් කළ හැකි බවත්, එමගින් රටට සේවයක් කළ හැකි බවත් මාලිංග පවසා තිබෙනවා.

එහිදී මාලිංග අවධාරණය කර ඇත්තේ රට වෙනුවෙන් සේවය කිරීමට කළ හැකි එකම දේ අඛණ්ඩව කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම බවයි.

ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයට පත්වූදා සිට ක්‍රීඩා කළ තරග 10න් 08ක්ම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here