Home World පවතින විරෝධතා හේතුවෙන් ඉරානයේ 106ක් ජීවිතක්ෂයට

පවතින විරෝධතා හේතුවෙන් ඉරානයේ 106ක් ජීවිතක්ෂයට

301

නොවැම්බර් මස 15 වනදා සිට ඉරානයේ ක්‍රියාත්මක වන විරෝධතාවලින් මේ වන විට පුද්ගලයන් 106 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ප්‍රකාශ කරනවා.

ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව මෙම විරෝධතා පැවැත්වෙන බවයි.

අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණෙන් අන්තර්ජාල සබඳතා සහ සමාජ මාධ්‍ය අවහිර කිරීමටද ඉරාන රජය පියවර ගත්තා.

විරෝධතා අතරතුර ඇතිවූ ගැටුම්වලින් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බවත්, තවත් පිරිසක් සිරගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණද ඒ පිළිබඳ තොරතුරු මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here