Home World හිට්ලර්ගේ නිවෙස පොලිස් ස්ථානයක් වෙයි

හිට්ලර්ගේ නිවෙස පොලිස් ස්ථානයක් වෙයි

299

අඥාදායකයෙකු ලෙසින් සැලකෙන ජර්මනියේ හිටපු පාලක ඇඩොල්ෆ් හිට්ලර්ට අයත් නිවෙසක් පොලිස් ස්ථානයක් බවට පත්කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඇඩොල්ෆ් හිට්ලර්ට අයත් මෙම නිවෙස පිහිටා ඇත්තේ ඔහුගේ උපන් බිම බවට සැලකෙන ඔස්ට්‍රියාවේ බ්‍රෝනෝ ඉමෙන් නගරයේයි.

මෙම නිවෙස නාසි අන්තවාදීන්ගේ වන්දනීය ස්ථානයක් බවට පත්වීම වැලැක්වීම සදහා මෙසේ එය පොලිස් ස්ථානයක් බවට පත්කළ බව ඔස්ට්‍රියානු බලධාරීන් පවසයි.

නව තීන්දුවට අනුව යමින් ඔස්ට්‍රියා – ජර්මානු දේශසීමා ආසන්නයේ පිහිටි මෙම නිවස නවීකරණය කර පොලිස් ස්ථානය ස්ථාපනය කිරීමට දැනටමත් සැලසුම් කැඳවා ඇති බවට සඳහන් වෙයි.

යුරෝපා සංගමයට අයත් ඕනෑම රටක අයෙකුට ඒ සඳහා සිය සැලසුම් ඉදිරිපත්කිරීමේ අවස්ථාවද ලබාදී තිබීම විශේෂත්වයක්.

නාසිවාදය ව්‍යාප්ත කළ කුරිරු ආඥාදායකයා ලෙසින් සැලකෙන ඇඩොල්ෆ් හිට්ලර් 1889 වසරේදී උපත ලබා ඇත්තේ ඔස්ට්‍රියාවේදීයි.

ඔහු 1938 වසරේදී ජර්මනියේ පාලනය සියතට ගත් අතර ඉන් අනතුරුව යුදෙව්වන් සමූල ඝාතනය කරමින් යුරෝපය පුරා නාසිවාදය ව්‍යාප්ත කිරීමට ගත්තේ දැඩි වෙහෙසක්.

මෙම ව්‍යායාමය අතරතුර යුදෙව්වන් මිලියන සංඛ්‍යාත පිරිසක් ඝාතනයට ලක්වූ අතර, ඊට ඔස්ට්‍රියානුවන්ද බොහෝ පිරිසක් ද අයත් වෙයි.

නාසිවාදයේ පළමු ගොදුර තමන් වූ බවට ඔස්ට්‍රියාව නිරන්තරයෙන් පැවසුවත්, නාසිවාදය ගොඩනැගීමේලා ඔවුන් ද වගකිව යුතු බව පසුකාලීනව කළ විමර්ශනවලදී හඳුනාගෙන තිබුණි.

හිට්ලර්ගේ දිගුකාලීන පාලනය සඳහාද අන්තවාදී අදහස් දැරූ ඔස්ට්‍රියානුවන් වගකිව යුතු බවත් මේ වාර්තාවල වැඩිදුරටත් සඳහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here