Home Hit රජිනි සහ කමල් දේශපාලනයේදී එකට

රජිනි සහ කමල් දේශපාලනයේදී එකට

311

දකුණු ඉන්දීය සුපිරි සිනමා නළු රජිනිකාන්ත් සහ කමල් හසන් ඉදිරියේදී, එක්ව දේශපාලනයේ යෙදීමට කැමැත්ත පළකර ඇතැයි වාර්තාවනවා.

තමිල්නාඩු දේශපාලනඥයකු වන රජිනිකාන්ත් ප්‍රකාශ කර ඇත්තේ පවතින දේශපාලන තත්ත්වය මත තමිල්නාඩුවේ සුබ සිද්ධිය උදෙසා කමල් හසන් සමග එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.

වසර 43ක කාලයත් සිනමාවේදී රජිනි සමග එක්ව කටයුතු කර ඇති බැවින් දේශපාලනයේදී ද ඔහු හා එක්ව කටයුතු කිරීමේ කිසිඳු ගැටළුවක් නැති බවයි කමල හසන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම සුපිරි තරු යුගළයේ එක්වීම 2021 වසරේ පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයට දැඩි බලපෑමක් සිදුකරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here