Home Hit අලුත් ආරක්ෂක ලේකම්ගෙන් වැඩ බලන පොලිස්පතිට ලිපියක්

අලුත් ආරක්ෂක ලේකම්ගෙන් වැඩ බලන පොලිස්පතිට ලිපියක්

643

ආරක්ෂක ලේකම්  මේජර් ජනරාල් ( විශ්‍රාමික ) කමල් ගුණරත්න මහතා එළැඹෙන දින කිහිපයේදී රටේ ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා සැළකිලිමත් හා පරීක්ෂාකාරීව  රාජකාරී කටයුතුවල නියැලෙන ලෙස  වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබේ.
 
ජනාධිපතිවරණයෙන් පසු  රටේ ඇති වු දේශපාලනික වෙනස් වීම් සමඟ  කලබල ඇතිවිය හැකි බව රටේ ජනතාව අතර  අනිසි බියක්  ඇති වේ යැයි  පවසමින්  එම දැනුම් දීම සිදු කර  ඇත.
 
 රටපුරා  ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ  ප්‍රදේශභාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් , පොලිස් අධිකාරීවරුන් සහකාර පොලිස් අධිකාරීවරුන් සහ අදාල පොලිස් ස්ථානභාර ස්ථානාධිපතිවරුන්  වගකිව යුතු බවටත් වැඩබලන පොලිස්පතිවරයා මගින් දැනුම් දී තිබේ.
 
 ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාගේ දර්ශණය අනුව  ජාති ,ආගම්,බේද සහ පක්ෂ භේදයකින් තොර  සැමට සාමකාමී ලෙස ජීවත්විය හැකි වාතාවරණයක් සකසා ඇති හෙටින් සාමාන්‍ය ජනතාවට  කිසිදු බියකින් තොරව ජීවිතය ගෙන ගිය හැකි බවද  දන්වා තිබේ.
 
 යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සාමය කඩවන පරිදි ක්‍රියා කළහොත් තරා තිර නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන  ලෙසද ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබා දී තිබේ.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here