Home Hit ප්‍රචණ්ඩ ක්‍රියාවලට ලක්වූ ආධාරකරුවන් ගැන එජාපය තොරතුරු ඉල්ලයි

ප්‍රචණ්ඩ ක්‍රියාවලට ලක්වූ ආධාරකරුවන් ගැන එජාපය තොරතුරු ඉල්ලයි

301

ජනාධිපතිවරණයෙන් පසු පහරදීම් හෝ එවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වූ තම පාක්ෂිකයන්ට ඒ පිළිබඳ සිරිකොත පක්ෂ මූස්ථානයට දැනුම් දෙන ලෙස එක්තත් ජාතික පක්ෂ මහලේකම්ව අකිල විරාජ් කාරියවසම් මහතා ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් කාරියවසම් මහතා පවසන්නේ ජනාධිපතිවරණය අවසන් වී ගතවූ දිනක කාලය තුළ එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇති බවයි.

2015 දී තම රජය බලයට පත්වීමෙන් පසු රට තුළ නිර්මාණය කරන ලද සාමකාමී පරිසරය ඒ අයුරින් පවත්වා ගෙන යෑමට වගකිව යුතු පිරිස් අහොහොසත්වීම පිළිබඳ කනගාටු වන බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ.

එසේම ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඡන්දය භාවිත කළ සිය පාක්ෂිකයන් ආරක්ෂා කරගැනීම තම පක්ෂයේ වගකීමක් බවද කාරියවසම් මහතා අවධාරණය කරනවා.

ඒ අනුව එවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරුවූ තම පාක්ෂිකයන්
011-2889378 සහ 077-9215299 යන දුරකතන අංකවලින් සිරිකොත පක්ෂ මූලස්ථානය දැනුවත් කරන ලෙසද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here